top of page
All Posts


නිදහස
නිදහස ගගණ සරනට සිඳුණු අත්තටු එකින් එක ගෙන එකට අලවා මහා පර්වත සත් සමුදුරද උඩින් පියඹා යමි එය සොයා කෙතෙක් උපමා එකට අලලා නොයෙක් තාලෙට නුඹ ගැයූවත් 'නිදහස' නම් අකුරු සතරට සම කරන්නට බැරිය කිසිදා
Iresh Madhusankha
Nov 17, 20251 min read


නිවුනු බව නොදැනෙන්න පැත්තකින් එල්ලන්න
නිවුනු බව නොදැනෙන්න පැත්තකින් එල්ලන්න සන්තාප එක් කරන් පිහු තුඩක අලවන්න ලස්සනට හැඩ දමා ඒ තුඩම දල්වන්න කොහේ හෝ කොනක හිඳ යන්තමින් හිනැහෙන්න මීදුමෙන් වැසී යන බව කියා රවටන්න රක්ත වූ තුඩු අගින් සියුම් සිත කලතන්න නිවුනු බව නොදැනෙන්න පැත්තකින් එල්ලන්න
Iresh Madhusankha
Nov 15, 20251 min read


මට මාව මතකද?
මට මාව මතකද? අහම්බෙන් වගෙ කාමරේ උන් කැඩපතෙන් අද නුඹව දුටුවා හොයන්නත් බෑ තට්ටු ගණනක් මුහුණු නුඹ ගලවලා තිබුනා අඳුරු අයිනක ගොඩ ගසා ඇයි ආයෙ මොකටද නුඹෙන් ඇහුවා තවත් දවසක ඕනෙ උනොතින් එකින් එක අලවන්න කිව්වා
Iresh Madhusankha
Oct 29, 20251 min read


තරු කැට
දුර ඉඳන් බැලූ කල පෙනේවි තරු කැට එකට පොදි බැඳී හිනැහේවී ආගන්තුක නැති විලස හැකිනම් පියඹන්න ඒ අහස් ගැබ දෙසට ටිකෙන් ටික දුර යාවි ලං නොවන බැරි...
Iresh Madhusankha
Oct 5, 20251 min read


නිවෙන්න
නිවෙන්න අඳුරු මුල්ලක සියුම් තාලෙට මතක එක මත එකක් අහුරා පුංචි එලියක පෙනෙන නොදැනෙන සප්ත වර්ණම ගගණ පියඹා නැවෙන නැලවෙන විටෙක රළු වෙන රක්ත...
Iresh Madhusankha
Sep 29, 20251 min read


ඉඩෝරය
ඉඩෝරය ඉඩෝරය සනසන්න කටු වලින් හැඩ ගැහුණ තැනින් තැන නැගේවී කලු පාට පතොක් මල් දුහුවිල්ල පිසලන්න වැහි පොදක් වැටෙනෙ තුරු කොල හැලුණු මහා රුක්...
Iresh Madhusankha
Sep 27, 20251 min read


සිහින
සිහින මීවිතක පහසකට සිඳලනු බැරි වස් අහස් ගව් ගණන් ගොස් පහත් බිම් දකිනු වස් උසස් මිටි පහත් සිත් උකස් කර තිවූ දෙස් දහස් දන වට කරන් හුදෙකලා...
Iresh Madhusankha
Sep 23, 20251 min read


ගිමන
මුවා වුණු කල වලාවකින් සඳ සඳත් හඬන බව නොදත් සියළු දන දොස් නගයි සඳට එළිය නොවන බව කලක් එකතු කල අඳුර නිවන්නට ගිමන් හරින්නට අඳුරු වුවද සබඳ...
Iresh Madhusankha
Aug 27, 20251 min read


රාත්රිය අඳුරු නැත
රාත්රිය අඳුරු නැත ඇස් රවටන මායාවකි හිතින් ඇවිදින්න හැකිය දහවලටත් වඩා එළියයි ලොවම නිදියැයි කීවද දහසක් හිත් අවදියෙන් එහෙ මෙහෙ ඇවිදියි...
Iresh Madhusankha
Aug 27, 20251 min read


මම කැමති වැඩියෙන්ම මං එක්ක ඇවිදින්න
අහම්බෙන් මුණගැසී වරු ගණන් දොඩවන්න කාලයෙන් වැහී ගිය පාරවල ඇවිදින්න පාළු ගොම්මන් යාමෙ මග සොයාගෙන යන්න මග වැරදුනත් විටෙක පසුපසම නොබලන්න...
Iresh Madhusankha
Aug 27, 20251 min read


මිරිඟුව
නොදනිමි යනු කොහෙද ඔහේ පාරවල් වල ඇවිද ගිනියම් ඉර ගත වැලඳ ඇවිලෙයි නිරුවත් දෙපාද මිරිඟුවක පහස විඳ විඳ දහවලෙත් හඳ දකිනු සඳ සිහිය යන්තම් කරන්...
Iresh Madhusankha
Aug 23, 20251 min read
bottom of page
