නිවෙන්න
- Iresh Madhusankha
- Sep 29, 2025
- 1 min read

අඳුරු මුල්ලක
සියුම් තාලෙට
මතක එක මත
එකක් අහුරා
පුංචි එලියක
පෙනෙන නොදැනෙන
සප්ත වර්ණම
ගගණ පියඹා
නැවෙන නැලවෙන
විටෙක රළු වෙන
රක්ත හදවත
හිමින් අතගා
සියුම් තැන්වල
පහස විඳිනට
මටත් උඹටත්
තනිව සලසා
මටත් නොදැනිම
නිමේෂයකින්
නුඹත් අළු වී
යයිද මන්දා




Comments