හත් දවස

පෙරේදා සෑහෙන්න වැස්ස
පෝස්ටර් වල බොඳ උන මූණ
තාමත් මතකයි
මං ගත්තෙ ඒ පිංතූරෙ
ලහි ලහියෙ උඹෙ ගෙදර
හැදෙනවා රස කෑම
දහ නමක් වඩිනවළු
පිං දෙන්න උබට
මං දන්නවා
උඹ ගාව තව නෑ ඉඩ
දවස පොඩ්ඩක් වැරදිලා
මොකද…
කවුරුත් දන්නෙ නෑ
උඹෙ හත් දවස
මීට අවුරුදු බර ගාණකට උඩ




Comments