ඉඩෝරය
- Iresh Madhusankha
- Sep 27, 2025
- 1 min read

ඉඩෝරය සනසන්න
කටු වලින් හැඩ ගැහුණ
තැනින් තැන නැගේවී
කලු පාට පතොක් මල්
දුහුවිල්ල පිසලන්න
වැහි පොදක් වැටෙනෙ තුරු
කොල හැලුණු මහා රුක්
මග බලයි නිරතුරුව
අනෝරා වැහි වැටී
වියළි බිම තෙමූ කල
දහසකුත් මල් පිපෙයි
මුඩු බිමම සරසන්න
ලස්සනට අරුත් දෙන
කවි දහස් ගණන් විත්
අර පුංචි පතොක් මල්
පොඩි කරයි අද හෙටම




Comments