ඉඩෝරය

ඉඩෝරය සනසන්න
කටු වලින් හැඩ ගැහුණ
තැනින් තැන නැගේවී
කලු පාට පතොක් මල්
දුහුවිල්ල පිසලන්න
වැහි පොදක් වැටෙනෙ තුරු
කොල හැලුණු මහා රුක්
මග බලයි නිරතුරුව
අනෝරා වැහි වැටී
වියළි බිම තෙමූ කල
දහසකුත් මල් පිපෙයි
මුඩු බිමම සරසන්න
ලස්සනට අරුත් දෙන
කවි දහස් ගණන් විත්
අර පුංචි පතොක් මල්
පොඩි කරයි අද හෙටම




Comments