top of page
Search

තරු කැට


තරු කැට

දුර ඉඳන් බැලූ කල

පෙනේවි තරු කැට එකට

පොදි බැඳී හිනැහේවී

ආගන්තුක නැති විලස

හැකිනම් පියඹන්න

ඒ අහස් ගැබ දෙසට

ටිකෙන් ටික දුර යාවි

ලං නොවන බැරි ලෙසට

තව ටිකක් ගිමන් හැර

ඉගිලුනොත් උන් ළඟට

අර පුංචි එළිය නොව

අළු වේවි අත්තටුද

ආයෙ නොඑනා ලෙසට

 
 
 

2 Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Thilina D
Oct 16, 2025

සමහර දේවල් ඈතින් බලන් ඉන්න තරමට තමා ලස්සන ❤️

Like
Iresh Madhusankha
Iresh Madhusankha
Oct 28, 2025
Replying to

අනිවාර්යයෙන්ම 😍❤️

Like
full-logo.png
  • Facebook
  • Instagram
  • X
  • TikTok

Stay Connected

 

© 2025 Iresh. All rights reserved. | A Blog by Iresh

 

bottom of page