මම කැමති වැඩියෙන්ම මං එක්ක ඇවිදින්න
Updated: Sep 26, 2025

අහම්බෙන් මුණගැසී
වරු ගණන් දොඩවන්න
කාලයෙන් වැහී ගිය
පාරවල ඇවිදින්න
පාළු ගොම්මන් යාමෙ
මග සොයාගෙන යන්න
මග වැරදුනත් විටෙක
පසුපසම නොබලන්න
කියන්නට කෙනෙක් මග
නොහිටියත් නොරැඳෙන්න
මම කැමති වැඩියෙන්ම
මං එක්ක ඇවිදින්න




Comments