top of page
An Art Space by Iresh
අපි යථාර්තයට සම්මුඛ වෙමු
Recent Posts


පාට හීන
සුදු කළු අඹරෙහි දේදුන්න හොයන්නට හිස මදක් ඇල කරන් සත් පාට ගනින්නට අද නැතත් හෙටත් අයෙ ඒ පාට හොයන්නද සිය දහස් වාරයක් උඹෙ කනට කියන්නද හිරුත් නැති අහසකට අනේ මොන දේදුනුද කළු සුදු ලෝකෙකට ඒ පාට මොනවටද


නිදහස
නිදහස ගගණ සරනට සිඳුණු අත්තටු එකින් එක ගෙන එකට අලවා මහා පර්වත සත් සමුදුරද උඩින් පියඹා යමි එය සොයා කෙතෙක් උපමා එකට අලලා නොයෙක් තාලෙට නුඹ ගැයූවත් 'නිදහස' නම් අකුරු සතරට සම කරන්නට බැරිය කිසිදා


නිවුනු බව නොදැනෙන්න පැත්තකින් එල්ලන්න
නිවුනු බව නොදැනෙන්න පැත්තකින් එල්ලන්න සන්තාප එක් කරන් පිහු තුඩක අලවන්න ලස්සනට හැඩ දමා ඒ තුඩම දල්වන්න කොහේ හෝ කොනක හිඳ යන්තමින් හිනැහෙන්න මීදුමෙන් වැසී යන බව කියා රවටන්න රක්ත වූ තුඩු අගින් සියුම් සිත කලතන්න නිවුනු බව නොදැනෙන්න පැත්තකින් එල්ලන්න
Recent Videos

Facebook
Twitter
Pinterest
Tumblr
Copy Link
Link Copied

Now Playing
00:00
bottom of page
